බඳ පටියෙන් මතුවූ රත්තරන්

පෙබ 26, 2019

    ඉනෙහි බදින පටියෙහි ඇතුළු පැත්තේ රන් බිස්කට් 04 ක් සඟවා ගෙන මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

    ඔහු කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක්. අත්අඩංගුවට ගත් සැකකරු තම හාම්පුතා වෙනුවෙන් විදේශගත වී, ඔහුට අවශ්‍ය භාණ්ඩ ගුවන් මඟින් මෙරටට ගෙනවිත් අලෙවි කිරීමේ කටයුතුවල යෙදෙන ව්‍යාපාරික සහායකවරයෙකි.

    ඔහු ඊයේ (25) දහවල් 12.45 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. ව්‍යාපාරිකයන් විසින් තමන් රැගෙන එන භාණ්ඩ සදහා බදු ගෙවා ගුවන් තොටුපළෙන් පිටව යෑමට ඇති " රක්ත මාවත " ඔස්සේ ගමන් ගනිමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

    එහිදී මොහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ ග්‍රෑම් 100 බැගින් වූ රන් බිස්කට් හතරෙහි මුළු බර ග්‍රෑම් 400 ක් වූ අතර, ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් බව වැඩබලන රේගු මාධ්‍ය පවසන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 26 පෙබරවාරි 2019 09:49

    Latest News