ලාෆ් ගෑස් හිඟය තව සති 3කින් අවසන්

ජන 03, 2022

    වෙළෙඳපොලේ මේ වන විට ලාෆ් ගෑස් හිඟය තවත් සති තුනකින් පමණ අවසන් වනු ඇතැයි, සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මහතා පවසයි.

    අධිකරණ නියෝගය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මෙන්ම පාරිභෝගික කටයුතු අධිකාරියේ උපදෙස් පරිදි ගෑස් පිරවීම හා බෙදාහැරීම සිදු කරන බවයි, සභාපතිවරයා කියා සිටියේ.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම එම සමාගමේ ගෑස් සිලින්ඩර සීමිත සංඛ්‍යාවක් බැගින් නිකුත් කර තිබේ.

    ඇතැම් ප්‍රදේශවල ගෑස් නොමැතිව වසා දමා ඇති ආපනශාලා වෙත සිලින්ඩර් බෙදාහැරීමේ ප්‍රමුඛතාවය හිමි වූ බවයි, අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

    Last modified on සදුදා, 03 ජනවාරි 2022 12:24

    Latest News