කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ අරඹයි

දෙසැ 28, 2021

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා අද (28) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජකාරි භාර ගැනීම සිදු කෙරුණා.

    කුමන බාධා එල්ල වුවද අපේ රට දියුණු තත්ත්වයට පත් කර ගැනීමට අපි සියලුදෙනාටම වගකීමක් ඇති බව ඌව බින්තැන්න ප්‍රධාන සංඝනායක බණ්ඩාරවෙල ශ්‍රී සුබෝධාරාමාධිපති කහත්තේවෙල සිරිනිවාස නාහිමියෝ බෞද්ධාගමානුකූලව ආශිර්වාද කරමින් සඳහන් කළා.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද නව ලේකම්වරයාගේ රාජකාරි කටයුතු සාර්ථක කර ගැනීමට සියලු සහයෝගයන් ලබා දෙන බව සඳහන් කරමින් සුබ පැතුම් එක් කර තිබුණා.

    නව ලේකම්වරයා රාජකාරි භාර ගැනීමේ අවස්ථාවට අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු අතිරේක ලේකම්වරු හා කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු, ගරු අමාත්‍යතුමාගේ උපදේශිකා රංජනී ජයකොඩි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීන් ද සහභාගි වී සිටියහ.

    Latest News