සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවීමට රජයේ අවධානය

ජූලි 31, 2023

    සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

    ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී ඇත්තේ.

    රටේ ප්‍රදේශ රැසක පවතින නියඟය හේතුවෙන් ආහාර නිෂ්පාදනයට බලපෑම් එල්ල වී තිබෙනවා. එබැවින්, ඉදිරියේ ඇති විය හැකි ආහාර හිඟයකට මුහුණ දීම සඳහා රට තුළ පවතින සහල් තොග ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි, කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් සකස් කළ ලිපියක් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුවට ඉදිරිපත් කරන ලෙස, අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා. නියඟයෙන් ප්‍රදේශ රැසක වී වගාවට බලපෑම් එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ. උඩවලව ප්‍රදේශයේ පමණක් කුඹුරු අක්කර 50,000 ක වී වගාව විනාශ වීමේ අවදාමකට ලක්ව ඇති බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

    Latest News