වසරක කාලය තුළ ඩෙංගු මරණ 26ක්

දෙසැ 26, 2021

    වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි .

    එම කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට ආසන්නයි.

    ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ති සෙනෙවිරත්න මහත්මිය සඳහන් කරන්නේ, කොරෝනා වසංගතය පැවැතිය ද, ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් තුළ ධාරිතාව පවතින බැවින් රෝග ලක්ෂණ පවතී නම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.

    Last modified on ඉරිදා, 26 දෙසැම්බර් 2021 10:12

    Latest News