සුනාමි ව්‍යවසනයට අදට වසර 17ක්

දෙසැ 26, 2021

    ජීවිත ලක්ෂ ගණනක් හා දේපළ රැසක් අහිමි කළ සුනාමි ව්‍යාවසනය සිදුවී අදට වසර 17ක්. ඉන් අපේ රටට පමණක් අහිමිවූ ජීවිත සංඛ්‍යාව 35,000කට අධිකයි.

    මෙම ඛේදවාචකය සිහිකරමින් ශ්‍රී ලංකාව සෑම වසරකම දෙසැම්බර් 26 වැනිදා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. සුනාමි ඛේදවාචකයෙන් බලපෑමට ලක්වූ සියලු දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    2004 දෙසැම්බර් 26 වැනිදා උදේ 6.55ට ඉන්දීය සාගර පත්ලේ හටගත් භූ කම්පනය රිච්චර් මාපකයේ 9.1ක් ලෙස සටහන් විය. ඉන් නැගුණු උදම්රළ පෙරවරු 9.25ට පමණ ගොඩබිමට ඇදී ආවේ පැයට කිලෝ මීටර 800කටත් අධික වේගයෙන්.

    ආසියානු කලාපයේ රටවල් 14කට සුනාමි ව්‍යවසනයෙන් දැඩි බලපෑම් එල්ල විය. අපේ රටේ දිස්ත්‍රික්ක 14කට සුනාමිය බලපෑවේ ජාති,ආගම්,දුප්පත්,පොහොසත් භේදයකින් තොරවයි. ඊට මුහුණදුන් බොහෝ දෙනාට අද ඉතිරිව ඇත්තේ අහිමිරි මතකයක්.

    ලොව දරුණුතම දුම්රිය අනතුර ලෙස සැලකෙන්නේ සුනාමි ඛේදවාචකයේදී පැරෑලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරයි. ඉන් මියගිය සංඛ්‍යාව 1,700කට ආසන්නයි.

    Last modified on ඉරිදා, 26 දෙසැම්බර් 2021 09:42

    Latest News