මන්නාරමදී දෙදෙනෙක් මුහුදට බිලි

දෙසැ 13, 2021

    මන්නාරම කලපුවේ මෝටර් බෝට්ටු සවාරියක දෙමින් සිටී දෙදෙනකු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි මන්නාරම පොලිසිය පවසයි.

    මෙලෙස අතුරුදන්ව ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21-27 වයස්වල දෙනෙකු බවයි,වාර්තා වන්නේ.

    මෙම තරුණයන් දෙදෙනා තවත් පිරිසක් සමඟ ඊයේ (12) පස්වරුවේ මෝටර් බෝට්ටු සවාරියක නිරත වෙමින් සිටියදී ඔවුන් දෙදෙනා මුහුදට වැටී තිබේ.

    අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු මෙතෙක් හමු වී නොමැත.

    මේ වන විට පොලිසිය නාවික හමුදාව මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

    Last modified on සදුදා, 13 දෙසැම්බර් 2021 09:12

    Latest News