අය - වැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

දෙසැ 10, 2021

    පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වේ. 2022 වසර සඳහා වන අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.

    පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද පස්වරු 05.00ට අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි.

    ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලිය පසුගිය නොවැම්බර් මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    ඒ අනුව නොවැම්බර් 23 වැනිදා ආරම්භ වු ඇයවැය කාරක සභා විවාදය අදින් අවසන් වෙයි. 

     

    Latest News