විදෙස් නිළධාරීන් පකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කරන ලකුණු

දෙසැ 09, 2021

    ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතන සිද්ධියෙන් පසු විදෙස් නිලධාරීන් සහ ගණකාධිකාරීවරුන් පකිස්තානය වෙත පැමිණීම ප්‍රතික්ෂේප කරන බව වාර්තා වෙයි.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ජාත්‍යන්තර ප්‍රතිමිතීන්ට අනුකූලව නිෂ්පාදන කටයුතු සිදුවන එරට ආයතනවල ඉහළ නිලයන් සඳහා විදෙස් නිලධාරීන් බොහෝ පිරිසක් බඳවා ගෙන සිටින බවයි.

    පකිස්තානයේ බොහෝ ආයතන හා එහි නිෂ්පාදන අංශයන්හි විගණන කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන් බොහෝ සෙයින් දායක වී තිබේ. මෙරට විගණන ආයතන මගින් ලබාදෙන සේවය සඳහා මෙම ඝාතන සිද්ධියෙන් පසු නිලධාරීන් පකිස්තානය වෙත යෑම ප්‍රතික්ෂේප කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    මෙමගින් විදේශ රටවල දැනුම ගලායාම සහ නිලධාරීන් මගින් සිදුවන කාර්යක්ෂමතාව පහත වැටෙනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 දෙසැම්බර් 2021 12:02

    Latest News