ජ්‍යෙෂ්ඨයින් බැහැ කියද්දි වගකීම ගත් තරුණයින් ලක්බීමට ගෙනා ජයක් (ඡායාරූප)

ඔක් 10, 2019

    පාකිස්තානයට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 13 ක තියුණු ජයක් ශ්‍රී ලංකාව වාර්තා කලේය.

    ඒ අනුව දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පකිස්ථානයේ ආරක්ෂව සම්බන්ධ කරුනු මතු කරමින් මෙම සංචාරයට එක්වීම ප්‍රතික්ෂප කළහ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් නොමැතිව විස්සයි 20 අංක එකේ කණ්ඩායම වූ පාකිස්තානය සිය රට තුළදීම පරාජය කිරීමට නවකයන් ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මේ වසර තුළදී ශ්‍රී ලංකාව ලැබූ විශේෂිතම ජයග්‍රහණය මෙයයි.

    ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 134 කට සීමා කිරීමට වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. විශිෂ්ඨ දක්ෂ පන්දු යැවීමක නිතර වූ වනිඳු හසරංග, ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය මාවත විවර කළේය.

     

    පාකිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හාරිස් සොහේල්, පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග සමග ලකුණු 52 ක් රැස්කිරීමට සමත් විය. බාබර් අසාම් (27) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සොහේල් සමත් වුයේය. ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම අතට උඩ පන්දුවක් දෙමින් අසාම් දැවී යෑමෙන් එම සම්බන්ධතාව බිඳ වැටිණ.

    කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 147 ක් ලබා ගත්තේය. සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට සහභාගි වූ ඕෂධ ප්‍රනාන්දු, වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 46 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 78 ක් රැස්කළේය. ලකුණු 58 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී නායක දසුන් ශානක (12) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඕෂධ සමත් විය. වහබ් රියාස්ගේ පන්දුවක් හමුවේ ෆකාර් සමාන් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

    slcricketl1 px 900 19 10 10

    පළමු ඕවර 2 තුළදී කඩුල්ලක් ලබා නොදී ලකුණු 19 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ සමත් වූ නමුත් තෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී ලකුණු 8 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල බිඳ දැමීමට මොහොමඞ් අමීර් සමත් විය. සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවේදී සධීර සමරවික්‍රම ලකුණු 12 කට දැවී ගියේ ඉමාඞ් වසීම්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි. අමීර්ගේ පන්දුවක් හමුවේ හතරේ සීමාව අසලදී අසීෆ් අලී රැකගත් අගනා උඩ පන්දුවක් හේතුවෙන් භානුක රාජපක්ෂගේ ඉනිමද ලකුණු 3 කට සීමා විය.

    slcricketl2 px 900 19 10 10

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 5 ක් සමගින් මෙම තරගයට සහභාගි විය. මුල් තරග දෙකට ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, මිනෝද් භානුක, ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් මෙම තරගයෙන් ඉවත් කරනු ලැබිණ. ඒ වෙනුවට සධීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු මධුෂංක සහ ළහිරු කුමාර මෙම තරගයේදී කණ්ඩායමට ඇතුළත්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 10:28

    Latest News