ගෑස් සිලින්ඩර ගැටලුව විමර්ශනයට පත්කළ කමිටුවෙන් නිර්දේශ...

දෙසැ 02, 2021

    ගෑස් සිලින්ඩර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පත් කෙරුණු "ජනාධිපති කමිටුව" මොරටුව විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී ඊයේ රැස්වුණා.

    එහි වාර්තාව දෙසතියක් ඇතුළත ජනාධිපතිතුමා වෙත ලබාදීමට නියමිතයි. මෙම සත් පුද්ගල කමිටුවේ සභාපතීත්වය දරන්නේ, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතායි.

    දිවයිනේ විවධ ප්‍ර‍දේශවලින් පසුගිය දින කිහිපයේදී වාර්තා වූ ගෘහස්ථ, වෙළඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීම කමිටුවට පැවරී ඇති වගකීමයි.  

    තවද, ගෑස් සිලින්ඩර ගැටලුව පිළිබඳව සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කමිටුව කොට්ටාව, අතුරුගිරිය, හංවැල්ල සහ කඩුවෙල ආදී ප්‍රදේශවල ස්ථානීය පරික්ෂාවක් සිදුකළා. මේ අතර, ගෑස් සිලින්ඩර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව විසින් නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබෙනවා.


    අදාල මාධ්‍ය නිවේදනය පහතින්...

    Gas1 900px 21 12 02

    Gas2 900px 21 12 02

    Gas3 900px 21 12 02

    Latest News