ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි නඩුව

නොවැ 24, 2021

    ජාතීන් අතර සහෝදරත්වය කඩ වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාගය සඳහා මාර්තු මස 14 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

    මෙම නඩුවට අදාළ පරිගණක සාක්ෂි පිරික්සීම සදහා විත්ති පාර්ශ්වය ට අවසර දෙන ලෙස මෙහිදී අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    2016 වසරේ නොවැම්බර් මස 30 වනදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ජාතීන් අතර පවතින සංහිඳියාව කඩ වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කළේ යැයි චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කරන ලද පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

    Latest News