දැදිගම කොටවෙහෙර රාජමහා විහාරස්ථානය පූජා භුමියක් ලෙස සංවර්ධන කිරීමට පියවර

නොවැ 24, 2021

    කෑගල්ල දැදිගම කොටවෙහෙර රාජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ පියවර කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද (24) අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    දැදිගම කොටවෙහෙර රාජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීම සම්බන්ධව සොයා බැලීමේ සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අගමැති කාර්යාලයේ පැවති අවස්ථාවේ අගමැතිතුමා මේ බව සඳහන් කළේය.

    කොටවෙහෙර රාජමහා විහාර භූමියේ කෙරෙන සංවර්ධනයට අදාළ ත්‍රිමාණ සැළසුම් සකස්කර එහි සංවර්ධන කටයුතු ආරම්භ කරන ලෙස අගමැතිතුමා මෙහිදී අවධාරණය කළේය. වාහල්කඩක් සහිතව ඉදිවන කොටවෙහෙර රාජමහා විහාරස්ථානයේ නව ප්‍රවේශ මාර්ගය සම්බන්ධයෙන් ද, බහුකාර්ය ගොඩනැගිල්ල, පෝය සීමා මාලකය සහ සතර දේවාල ඉදිකිරීම් සම්බන්ධයෙන් ද මෙහිදී අගමැතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. දැදිගම රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඔත්නාපිටියේ විමල නාහිමි සහ විහාරාධිකාරී පූජ්‍ය අලුත්නුවර සුමන හිමි මෙහි වැඩමකර සිටියහ.

    මෙම අවස්ථාවට ජනතා නියෝජිතයන්, නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News