ඥානසාර හිමියන්ට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි

ඔක් 22, 2021

    2017 වසරේ වැලිකඩ පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි චෝදනා එල්ල වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 21 වන දා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

    මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජනී ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ නඩුව විභාගය සඳහා ජනවාරි මස 21 වනදා කැඳවන ලෙස නියම කළා.

    එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ට ද මහේස්ත්‍රාත්වරිය විසින් සිතාසි නිකුත් කළා.

    2017 වසරේ වැලිකඩ පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි චෝදනා කරමින් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News