අලුත් විදියේ හොරෙක් මිරිහානෙන් අල්ලයි

පෙබ 20, 2019

    නිවාස, ව්‍යාපාරික ස්ථාන, අළුතින් ඉදිකෙරෙන නිවාස සහ සුපිරි වෙළෙඳ සැල්වල නවතා ඇති වාහන වල වටිනා භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ගම්පහ, රාගම, දෙහිවල, ගල්කිස්ස, පිළියන්දල, මහරගම, පානදුර ප්‍රදේශවල නිවාස 30කට වැඩි ප්‍රමාණයක භාණ්ඩ සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.

    මෙම සැකකරු විසින් සොරකම් කළ රුපියල් ලක්ෂ 20 කට වඩා වටිනා රන් භාණ්ඩ, රිදී භාණ්ඩ, විදුලි උපකරණ, ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප්, ඩ්‍රිල්, ග්‍රයින්ඩර්, නිවාස සෑදීමේ උපකරණ, ගෘහභාණ්ඩ, පාපැදි, සෙටප්, ගෑස් සිලින්ඩර, ත්‍රීරෝද රථ බැටරි අදිය මිරිහන දුෂණ මර්ධන එකකය විසින් සොයාගෙන ඇත.

    මෙම සැකකරු තදින්ම හෙරොයින් භාවිතයට ඇබ්බැහි වුවෙකු වන අතර සොරා ගත් භාණ්ඩ අඩු මුදලකට දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශයේ නිවාස වලට අලෙවිකර ඇති බව පොලිසිය පවසයි. දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු හෙට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    වැඩිදුර පරීක්ෂණ උප පොලිස් පරීක්ෂක කුමාර නලවංශ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් පවත්වනු ලබති.

     

     

     

    Last modified on බදාදා, 20 පෙබරවාරි 2019 13:06

    Latest News