අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

නොවැ 01, 2021

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අඩුපීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පැවතීම මෙම වැසි තත්වයට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

    තවද බස්නාහිර, සබරගමුව මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    Last modified on සදුදා, 01 නොවැම්බර් 2021 07:07

    Latest News