ජනප්‍රිය රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන මියයයි

ඔක් 24, 2021

    ජනප්‍රිය හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

    මියයන විට ඇය 64 වන වියේ පසුවිය. පිළිකා රෝගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (23) මියගොස් ඇත.

    සිංහල සිනමාවේ උසම නිළියක් ලෙස සැළකෙන විශාකා සිරිවර්ධන මහත්මිය සිනමාවට පිවිසියේ සිරි කුලරත්නගේ "අනුරාධා" චිත්‍රපටයෙනි. ඇය සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ. ඇය ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබේ.

    දේහය පිළිබඳ අවසන් කටයුතු කුරුණෑගල දී අද (24) සිදුකිරීමට නියමිතය.

    Last modified on ඉරිදා, 24 ඔක්තෝබර් 2021 13:08

    Latest News