බූස්ස අතුරුදන්වීම; පොලිස් පරික්ෂක රිමාන්ඩ් භාරයට

පෙබ 19, 2019

    බූස්ස, රත්නඋදාගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්‍ෂක පස්කුවල් හංදි නිෂාන්ත ද සිල්වා 27 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    අද පෙරවරුවේ ගාල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරුණ අතර එහිදි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමේ නියෝගය නිකුත් කෙරිණ.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයෙන් අනතුරුව පොලිස් පරීක්‍ෂක පස්කුවල් හංදි නිෂාන්ත ද සිල්වා ඊයේ පවස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහු දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට අනුයුක්තව රාජකාරි සිදුකර ඇති අතර එය දකුණු පාලාත් භාර නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා යටතේ ක්‍රියාත්මකවි ඇත.

    බූස්ස රත්නඋදාගම පදිංචි මංජුල අසේල කුමාර (33) සහ රසින් චින්තක (31) යන දෙදෙනා ජනවාරි 23 සිට අතුරුදන්ව සිටී.

    ඔවුන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් රත්ගම පොලිසිය කළ විමර්ශන මගින් කිසිදු තොරතුරක් සොයා ගැනිමට නොහැකි විමෙන් පසු පරීක්‍ෂණ කටයුතු පොලිස්පති විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන භාර ගැනිමෙන් පසු පුද්ගලයින් දෙදෙනා පැහැර ගෙන ගිය බවට සැක කෙරෙන වෑන් රථයක් අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ තිබී පසුගිය 15 වැනිදා සොයා ගනු ලැබිණ.

    Last modified on අඟහරුවාදා, 19 පෙබරවාරි 2019 12:27

    Latest News