අඩු ආදායම්ලාභීන්ට සහන...

ඔක් 17, 2021

    වලවේ ගඟ ආශ්‍රිතව ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් සඳහා වැසිකිළි පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ අම්බලන්තොටදී පැවැත්වුණා.

    ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන "සුරකිමු ගංගා" ව්‍යාපෘතිය යටතේයි මෙම ආධාර ප්‍රදානය කෙරුණේ. කැළණි, මැණික් හා වලවේ යන ගංගා ආශ්‍රිත අඩුආදායම්ලාභී පවුල්වලට නිසි වැසිකිළි පහසුකම් නොමැති වීම නිසා මළ අපද්‍රව්‍ය ගංගාවලට බැහැරකරන බවයි, පරිසර අමාත්‍යාංශය පවසන්නේ.

    එම ජනතාවට වැසිකිළි පහසුකම් සලසා දීමට අමාත්‍යාංශය මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් 19,000,000 ක්.

    Last modified on ඉරිදා, 17 ඔක්තෝබර් 2021 14:22

    Latest News