නාවිකයින් 324ක් විසිරයයි....(වීඩියෝ)

ඔක් 17, 2021
  • ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්චා නාවික හමුදාවේ නාවිකයින් 324 දෙනෙකු මූලික පුහුණුව නිමකොට ඊයේ විසිර ගියා.

     

    ඒ, පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශිෂ්‍ය ආයතනයේදී. නාවික හමුදාවේ 242 වැනි බඳවා ගැනීමට අයත් මෙම පිරිසට ආධුනික නාවිකයන් හා කාන්තා නාවිකයින් ද ඇතුළත්. විසිරයාමේ පෙළපාලිය ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද සමන්විත වුණා.

    පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න මහතායි. පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් ඇගයීම ද මෙහිදී සිදුකෙරුණා.

    Last modified on ඉරිදා, 17 ඔක්තෝබර් 2021 12:21

    Latest News