රුසියානු නෞකා බලඝණයක් කොළඹ වරායට...

ඔක් 17, 2021

    රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත්, ‘Gremyashchiy’ යන Corvette වර්ගයේ යුද නෞකාව හා B – 603 සහ B – 274 යන සබ්මැරීනයන්ගෙන් සමන්විත නෞකා බලඝනයක් ඊයේ කොළඹ වරායට සේන්දු විය. 

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.  සැපයුම් අවශ්‍යතා සඳහා කොළඹ වරායට සේන්දු වූ මෙම බලඝණයෙහි ‘Gremyashchiy’ නෞකාව දිගින් මීටර 107ක් වන Corvette වර්ගයේ යුද නෞකාවක් වන අතර, ‘B – 603’ සහ ‘B – 274’ සබ්මැරීන දිගින් මීටර 73කින් යුක්ත වේ.

    RussiaNavySub 900px 21 10 1

    ඊයේ දහවල් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කොළඹ වරායේ මඟී පර්යන්තයේදී මෙම රුසියානු ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝණය නිරීක්‍ෂණය සඳහා සහභාගී විය. එහිදී නාවික හමුදාධිපති හා එම නෞකා බලඝණයේ අණදෙන නිලධාරී ඇතුළු අනෙකුත් අණදෙන නිලධාරීන් අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. මෙම බලඝණය 2021 ඔක්තෝබර් මස 18 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

    Last modified on ඉරිදා, 17 ඔක්තෝබර් 2021 12:04

    Latest News