අද වැසි තත්වයේ අඩුවීමක්; ධීවර කටයුතු අවධානමින්

ඔක් 15, 2021

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි ය.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 30 - 40 දක්වා වැඩි වේ.

    මේ අතර අද(15) දින සිට 17 වැනි දා දක්වා දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව එම ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි මුහුදු රළ මීටර් 2.5 - 3 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

    ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ද දැනුම් දෙයි.

    Latest News