පලාත් සභා ඡන්දය ඉල්ලා පෙත්සමක්

පෙබ 18, 2019

    පළාත් සභා ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.

    වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා සහ සාමාජිකයින් නම් කර ඇත.

    සීමා නිර්ණය කටයුතු හුවා දක්වමින් වත්මන් රජය පළාත් සභා ඡන්ද විමසීම කල් දමමින් සිටින බව සත්‍ය ගවේශකයෝ සංවිධානය සයි බතේසමෙන් පෙන්වාදී තිබේ.

    පළාත්සභා හයක් අක්‍රිය වීමෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වී ඇති බව ඔවුන් සිය පෙත්සමෙන් කියා සිටි. මේ අනුව පළාත් සභා ඡන්දය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ද රිට් පෙත්සම තුළින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

     

     

     

     

    Latest News