තහනම් පොලිතින් සොයා ගැනේ (වීඩියෝ)

පෙබ 18, 2019

    ටොන් 5ක තහනම් පොලිතින් ආහාර ඇසුරුම් තොගයක්, පානදුර කර්මාන්ත ශාලාවකින් සොයා ගෙන තිබේ.

    වැටලීම සිදු කළේ මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සහ පාරිභෝගික සේවා අධිකාරිය එක්වයි.පොලිතින් තොගයේ වටිනාකම, රුපියල් මිලියන 2කට අධිකවේ. මෙම තහනම් පොලිතින් ඇසුරුම් ගල්කිස්ස හා පිටකොටුව ප්‍රදේශවල අලෙවි කර තිබේ.

    කර්මාන්ත ශාලාවේ හිමිකරුට ප්‍රධාන චෝදනා දෙකක් යටතේ නඩු පැවරීමට නියමිතයි. තහනම් පොලිතින් වටලමින් ඒවා වෙළෙඳ පොළෙන් ඉවත් කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ අරමුණ වේ. එවැනි නීති විරෝධි නිෂ්පාදන පිළිබඳ තොරතුරු ඇතොත් 0112-888999 දුරකථන අංකයට දැනුම් දිය හැකියි.

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 19:48

    Latest News