පලාත් සභා ඡන්දය තනිව තීරණය කල නොහැකී

පෙබ 03, 2019

    විෂය භාර අමාත්‍යවරයා ලෙස පළාත් සභා ඡන්දය පවත්වන දිනය තනිව තීරණය කල නොහැකි බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    පක්ෂ සිය්ලලේ එකඟතාව අනුව එය සිදුකළ යුතු බව ඔහු කියා සිටි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීමක දී ඔහු මේ බව කියා සිටියේය.

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා “පළාත් සභා ක්‍රමය මෙරට මුලින්ම ඇති කරන විට එයට දැඩි විරෝධයක් එල්ල වුණා. රටපුරා විශාල නොසන්සුන්තාවයක් ඇති කරලා විනාශයක් කළා. පසු එම කණ්ඩායම් විසින් එය පිළිගෙන පළාත් සභා මැතිවරණවලට තරග කරලා මන්ත්‍රීවරුන් වුණා. ඒක හොඳයි. ඉකුත් ආණ්ඩු විසින් තම වාසිය තකා කොටස් වශයෙන් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු කළා. කොටස් වශයෙන් ඡන්දය පැවැත්වීමෙන් වු බරපත ඛේදවාචකය නම්, රාජ්‍ය බලය පැවැති ආණ්ඩුව ඒ සඳහා උපරිමයෙන්ම රාජ්‍ය සම්පත්, රාජ්‍ය මාධ්‍ය භාවිතා කරමින් දූෂිත මැතිවරණ පැවැත්වීමයි. අපි ඒ් නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ප්‍රතිපත්ති ප්‍රකාශවලට ඇතුළත් කළා පළාත් සභා මැතිවරණ එකම දිනකදී පවත්වන බවට. ජනතාව අපේ ප්‍රතිප්තතිය පිළිගෙන එයට අනුමැතිය ලබාදුන්නා. දැන් අපි ඒ පොරොන්දුව ඉටු කරනවා" යැයි ඔහු කියා සිටියේ.

    පළාත් පාලන ඡන්දය නව ක්‍රමය අනුව පැවැත්වීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි නියෝජනය නොවූ බව ඔහු කියා සිටියේය. එහි විශාල වරදක් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුනී. බහුතරයේ නියෝජනය විද්‍යාමාන නොවී සුළුතරය විද්‍යාමාන වන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. පළාත් සභා සඳහා  ඡන්නදය නව ක්‍රමයට පැවැත්වීමට පනත ගෙන ආවද එහි විශාල අඩුපාඩු පවතින බව ඔහු කියා සිටි.

    වැඩි දුරටත් අදහස් පල කළ අමාත්‍යවරයා '' 2015 සිට 2018.12.21 දින දක්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තිබු‍ණේ. එනිසා ඔවුන්ගේ මතය අනුව ක්‍රියා කරල තියෙන්නේ. විවිධ දේශපාලන පක්ෂ රැසකගේ අදහස් අරගෙන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් සකස් කර තියෙනවා. එහි විවිධ අඩුපාඩු රැසක් පවතිනවා. දැන් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම එම ලිපිගොනු අධ්‍යනය කරමින් මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ක්‍රියා කරනවා. විෂය භාර අමාත්‍යවරයා වුවද, තනිමතය අනුව ක්‍රියා කිරීමට මට හැකියාවක් නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පිළිගත් දේශපාලන පක්ෂවල එකඟතාවය මත මෙම ප්‍රශ්නය විසදීමට කඩිනමින් ක්‍රියා කරනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් දෙමළ ජාතික සන්ධානයේ අදහස් අතුළු සියලුම දේශපාලන පක්ෂවල අදහස් සහ යෝජනා මෙහිදී වැදගත් වෙනවා. ඒ අනුව ඔවුන්ගේ එකඟතාව මත නව ක්‍රමවේදයකට ඡන්දය පවත්වන්නේද? නැතහොත් පැරණි ක්‍රමයට ජන්දය පවත්වන්නේද? යන්න තීරණය කරනවා. ඉන් අනතුරුව රටේ සියලු පළාත් සභාවල ඡන්දය එකවර පැවැත්වීමට කටයුතු කරනවා” යැයි කියා සිටියේය.

    Latest News