මුහුදු තීරයෙන් තවත් කහ කිලෝ 1334 ක් අල්ලයි

ඔක් 02, 2021

    යාපනය, ගුරුනගර් සහ කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් කහ කිලෝ 1334 කට අධික තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදාව අද (02) අළුයම අත්අඩංගුවට ගෙන ඇත.  

    නාවික හමුදාව පසුගිය දෙදින තුළ දිවයින වටා මුහුදු තීරය සහ වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 4940කට අධික තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් වී තිබේ.

    සැකකරුවන් අවුරුදු 28 ත් 45ත් අතර ව‍යසේ පසුවන පේසාලේ සහ කල්පිටිය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ. වියලි කහ, ලොරි රථය, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන්, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහ කටුනායක රේගු කාර්යාලයන් වෙත භාරදීමට නියමිතයි.

    Termaric 02 900px 21 10 02jpg

    Latest News