නීති විරෝධීව මෙරටට ගෙන් වූ කහ කිලෝ 1164ක් අත්අඩංගුවට

පෙබ 16, 2021

    ඉන්දියාවෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ කහ කිලෝ 1164 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    හලාවත පොලීසිය මගින් කළ වැටලීමකදීයී කහ තොගය අත්අඩංගුවට ගැනුණේ ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයී.

    එම ලොරි රථය ද පොලිස් භාරයට ගැනිණ. මුහුදු මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයෙන් නීති විරෝධී ලෙස කහ තොග මෙරටට ගෙන්වන බවට ලැබුණු තොරතුරු අනුව මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කෙරිණ.

    එවැනි වැටලීම් ඉදිරියටත් සිදු කරන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

    Latest News