මෙරට කොවිඩ් මරණ 13,000 සීමාව ඉක්මවයි

ඔක් 02, 2021

    මෙරට සිදුවූ තවත් කොවිඩ් මරණ 55ක් ඊයේ දිනයේ දී සිදුව ඇති බවට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (02) තහවරු කර තිබේ.

    මිය ගිය පිරිස අතර පුරුෂයින් 38 දෙනෙක් හා කාන්තාවන් 17 දෙනෙක් වෙයි.

    අවුරුදු 60 සහ ඊට වැඩි පුරුෂයින් 27 ක් හා කාන්තාවන් 11ක් ඊට අයත්. එමෙන්ම ඒ අතර අවුරුදු 30-59 අතර පුරුෂයින් 11ක් හා කාන්තාවන් 04 දෙනෙක් වෙයි. අනෙක් දෙදෙනා අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකි. ඒ අනූව මෙරට දී සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,019ක්. 

    Death 900px 21 10 02

    Latest News