යොහානිට වේදිකාවේ දී සුළු අනතුරක්....

ඔක් 02, 2021

    හෙට ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන සංගීත ප්‍රසංගයට තමා සූදානම් බව, යොහානි ද සිල්වා ප්‍රකාශ ක‍රනවා.

    බ්‍රහස්පතින්දා රාත්‍රී නවදිල්ලියේ පැවති සංගීත ප්‍රසංගය අතරතුරදී ඇය, වේදිකාව මත සුළු අනතුරකට මුහුණ පා ති‍බේ. යොහානි සිය ටිව්ටර් ගිණුමේ හා මුහුණු පොතේ තැබූ සටහන් අද සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එම සටහන සමග ඇය, සිය ඡායාරූපයක් ද පළ කර තිබුණා.

    එහි දැක්වෙන්නේ, යොහානිගේ මුහුණේ ඇසට පහළින් නිල් පැහැ වූ තැලීම් සලකුණක් පවතින ආකාරයයි. නවදිල්ලි ප්‍රසංග වේදිකාව මතදී, ගිටාරයක් තම මුහුණේ වැදුණු බව, යොහානි සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබෙනවා. එහෙත්, ප්‍රසංගය බාධාවකින් තොරව ඉදිරියට යන බවයි, ඇය සඳහන් කරන්නේ.

    "අපේ කතා ලියවෙන්නේ අපගේ ජීවන සටන් හා පසුබෑම් තුළින් ලබන තැලීම් හා සීරිම් සලකුණු මත" යැයි, ඇය සිය සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබෙනවා. යොහානි, ඉන්දියාවේ පවත්වන දෙවැනි සංගීත ප්‍රසංගය සඳහා තෝරාගෙන ඇත්තේ හයිද්‍රාබාද් හි ගච්බොවිලි හි හාට්කප් කොෆි රඟමඩලයි.

    Latest News