රාජගිරිය රිය අනතුර; සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

සැප් 29, 2021

    රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණී මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියකු අනතුරට පත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කෙරිණ.

    මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් එම පෙරට්ටුව අවලංගු වී තිබිණ.

    අනතුරුව ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 12 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසයි, මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

    එතෙක් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අධිකරණය නියම කළේය.

    Latest News