හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා

සැප් 27, 2021

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තද වැසි අද හැලීම නිසා ස්ථාන කිහිපයකම පස් කදු සහ ගස් කඩා වැටිමෙන් ගමනා ගමනයට බාධා ඇතිව තිබේ.



    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (26) දින පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුළං තත්වය හේතුවෙන් හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින්ම ප්‍රධාන මාර්ගය ගස් සහ පස් කදු වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට තරමක බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

    හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගසක් අද (27) දින උදැසන කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතුටවලට බාධා පැමිණ තිබු අතර, කඩා වැටුණු ගස එම වතු යායේ වතු කම්කරුවන් එක්ව කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.

    එම මාර්ගයේම ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් සහිත නිවසක ආරක්ෂක පැති බැම්ම ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇත.

    කඩා වැටුණු පැති බැම්ම ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් එක්ව (26) දින රාත්‍රියේම ඉවත් කර ඇති අතර , එම ස්ථානයේද රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.

    නිවසේ ආරක්ෂිත පැති බැම්ම කඩා වැටිම නිසා එම නිවසේ පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථානයක් කරා තාවකාලිකව යොමු වන ලෙස නිවාස හිමියන්ට උපදෙස් ලබාදුන් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
    ප්‍රදේශය තවදුරටත් අයහපත් කාලගුණ තත්වයක් පවති.

     

    Latest News