විගමනික ශ්‍රමිකයන්ගේ PCR ගාස්තු, කාර්යාංශයෙන්

සැප් 24, 2021

    මෙරටට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපලේදී සිදුකරන පී සී ආර් පරීක්ෂණ සදහා වැයවන මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට පියවර ගැනේ.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුඵ කාර්යාංශයේ නිලධාරින් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. විදේශ රැකියාවල නිරතව සිට රටට විනිමය උපයා දුන් රට විරුවන්ට අදාල පී සී ආර් පරීක්ෂණ ගුවන් තොටුපල පරිශ්‍රයේ පිහිටුවා ඇති නව පරීක්ෂණාගාරයේදී සිදු කෙරේ. ඔවුන් කළ සේවයට ගරු කිරීමක් ලෙස ඊට අය කෙරෙන ඩොලර් 40 ක මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට නියමිතයි. එහිදී පී සී ආර් පරීක්ෂණ වාර්තාව පැය තුනකදී ලබාදීමට කටයුතු කර ඇත. පුර්ණ එන්නත්කරණයට ලක්වු විගමනික ශ්‍රමිකයන් ආසාදිතයන් නොවන්නේ නම් ඔවුන්ට නිවෙස්වලට යාමේ අවස්ථාව ද උදාවෙයි.

    Latest News