වික්ටෝරියා ජලාශය අවට හුණුගල් කැනීම් ස්ථාන ඉවත් කිරීමට පියවර

සැප් 24, 2021

    වික්ටෝරියා ජලාශයේ වේල්ලේ පිටාර මට්ටමේ පවත්වාගෙන ගිය හුණුගල් කැනීම් ස්ථාන ඉවත්කර තිබේ.

    එම ජලාශයේ ආරක්ෂාව සදහා මෙම පියවර ගෙන ඇත. ඉකුත් කාලයේදී ජලාශය අවටින් සුඵ භුකම්පන තත්ත්ව වාර්තාවු අතර ඊට හේතුවී ඇත්තේ පෘතුවි අභ්‍යන්තරයේ සිදුවන හුණුගල් තට්ටු කඩා වැටිම බව හදුනා ගැනින. ජලාශය අවට ප්‍රදේශයේ හුණුගල් කැනීම් සිදුවු අතර එහිදී සිදුකරන පිපිරීම් නිසා ඇති වන කම්පනයද අභ්‍යන්තර හුණුගල් තට්ටු බිඳ වැටිමට හේතුවන බවට හදුනාගෙන තිබේ. ඒ අනුව වික්ටෝරියා වේල්ල පිටාර මට්ටමින් මිටර් 100 ක ප්‍රදේශයක පිහිටි සියලු හුණුගල් කැනීම් ස්ථාන ඉවත් කිරීමට පියවර ගෙන ඇත. හුණුගල් කැනීම් බලපත්‍ර තහනම් කිරීමට ද භු විද්‍යා හා පතල් කාර්යාංශය ක්‍රියාකර තිබේ.

    Latest News