තණමල්විල මාර්ගයක් අසළ තිබී ජීව උණ්ඩ 28ක්

සැප් 21, 2021

    තණමල්විල, හම්බෙගමුව බලහරුව මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේ මාර්ගය අසළ පස්ගොඩක තිබී ටී-56 ජීව උණ්ඩ 28ක් තණමල්විල පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    මාර්ගය අසළ වැට මායිම සුද්ද පවිත්‍ර කරමින් සිටි පුද්ගලයකු මෙම ජීව උණ්ඩ තොගය දැක ඒ සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය දැනුවත් කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News