පාර්ලිමේන්තුව අද රැස්වෙයි

සැප් 21, 2021

    පවතින 'කොවිඩ් -19' වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව දින දෙකක් පමණක් රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ඒ අනුව, අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව වාර්තා වෙයි.

    ඉන් අනතුරුව සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05ක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග 06ක් ඇතුළු රෙගුලාසි කිහිපයක් විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතයි.

    Latest News