එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අද ඇරඹේ: ජනපති හෙට සමුළුව අමතයි

සැප් 21, 2021

    එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරය අද (21) ආරම්භ වෙයි. ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෙට (22) සමුළුව ඇමතීමට නියමිතයි.

    මෙවර සමුළුවේ තේමාව 'කොවිඩ් 19' - වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.

    හෙට (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීමට නියමිත අතර සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා, රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටිති.

    Latest News