වයස 20-30 අය බොරු ප්‍රචාරවලට නොරැවටී එන්නත ලබා ගන්න - අමාත්‍ය ජයසුමන

සැප් 20, 2021

    සමාජ මාධ්‍යවල බොරු ප්‍රචාරවලට නොරැවටී එන්නත ලබා ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වයස 20ත් 30ත් අතර පිරිසගෙන් ඉල්ලා සිටියි.

    එන්නත්කරනය නිමා කර රට සාමාන්‍ය තත්ත්වයට ගැනීම අනිවාර්යයි.

    අමාත්‍යවරයා අද(20) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත දැක් වූ අදහස්....

    “වයස අවුරුදු 30 ට වෙඩි අතපසු වූ කෙනෙක් සිටියේ නම් ඉදිරි සතිය තුළ අනිවාර්යෙන්ම එන්නත ලබා ගන්න. තව දින කිහිපයක් පමණයි එයට ඉඩ සලසා දෙන්නේ.

    මිය ගිය අයගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත ලබාගත් නැති උදවිය. අවුරුදු 60ට වැඩි වෙනත් ආබාද තියෙන අය. මේ අයගේ නොසැලකිල්ල නිසා වෙන්නත ලබා ගත්තේ නැහැ. සමහරු ආගමික විශ්වාස මතත් එන්නත ගත්තේ නැහැ. මෙහි ඵල විපාක උන්ම තමයි භුක්ති විදින්නේ.

    සමස්තයක් විදියට රටේ ජන ජනග්‍රහණයෙන් 51% ක් එන්නත් දෙකම මේ වන විට ලබා ගෙන තිබෙනවා.

    වයස අවුරුදු 15 ට වැඩි පාසල් යන දරුවෙක් නම් එන්නත ලබා දීමට දෙමව්පියන් මැදිහත් වෙන්න. සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගය කල් ගිහිල්ලා. අධ්‍යාපනය කඩා වැටිලා මෙය ළමුන්ගේ ජීවිත කාලයටම බලපානවා. මෙය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තමයි අපි උත්සාහ දරන්නේ. එම නිසා දරුවන්ට එන්නත් ලබාදීමේ වැදගත්කම දෙමව්පියන් පැහැදිලි කරගන්න. ළමුන්ට අපි fizer එන්නත ලබා දෙනවා. ලෝකයේ රටවල් ගණනාවකට ළමුන්ට ලබා දෙන්නේ මෙයයි.

    සෞඛ්‍ය අංශ හා නිලධාරීන් එක්ව තීන්දුවක් අරගෙන හැකි ඉක්මනින් පාසල් ළමුන්ට එන්නත ලබා දීලා පාසැල් විවෘත කිරීමට කටයුතු කරනවා.

    මේ සඳහා නොයෙක් මත පළ වෙනවා උසස් පෙළ ළමුන් සහ පෙර පාසල් ළමුන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම පිළිබඳව. එම නිසා කරුණු සොයා බලනවා කුමන පනතිද ආරම්භ කළ හැක්කේ කියලා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ලැබුණාට පස්සේ එය ක්‍රියාත්මක කරනවා.

    ජාතික ඖෂධ නියමන අධිකාරියේ දත්ත මැකී යාම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා. වැඩිකල් යන්නේ නැතුව වැරදිකරුවන් රටට හෙළි වේවි. ඔවුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. ඖෂධ ජාවාරම්කරුවන් හා සම්බන්ධ අය හතු පිපෙන්නා වාගේ බිහිවෙලා මාධ්‍ය සාකච්ඡා තියෙනවා. මින් ඉස්සෙල්ලා දත්ත මැකුනේ නැහැනේ.මොවුන් පුහු වීරයෝ වෙන්නයි හදන්නේ. මේ අය ළඟ තිබෙන සාක්කි තියනවනම් ලබාදෙන්න. අපි පැහැදිලිව කියනවා මැකිලා ගියේ දත්ත වල වැඩිපුර තිබෙන්නේ මේ වෙනකොට ඖෂධ ජාවාරමට පිළිබඳ විමර්ශන කටයුතු කරන ඒ ඖෂධ වලට ඒ සමාගම් වලට අදාළව තමයි තිබුණු දත්ත. මෙයින් වාසිය ලැබෙන්නේ කාටද. මෙච්චර කල් මකන්නේ නැතුව ඉඳලා ඇයි එකපාරටම මැකුවේ. මින් ඉස්සර නඩුවකට අදාළ නඩු භාණ්ඩ ගිනි තියපු යුගත් තිබුනා. මෙයත් ඒ වගේ වැඩක්. විමර්ශන කරලා වැරදි කාරයො අහු වෙනකොට ඒවායේ නඩු භාණ්ඩ තමයි මේ මැකී ගිහින් තියෙන්නෙ. එතකොට කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා පැහැදිලියි. හිටපු ඇමතිවරුන්ගේ ලේකම්වරු ප්‍රබලයෝ තමයි මේක පිටිපස්සේ ඉන්නේ අපි දන්නවා කවුද කියලා. ගිහි පැවිදි සියලුම දෙනාට අපි කියනවා මෙයට මැදිහත් වෙලා ජාවා කරුවන්ට උඩගෙඩි දීලා අමාරුවේ වැටෙන්න එපා කියලා" යැයි අමාත්‍යවරයා සඳහන් කළා.

    Latest News