සිනොවැක් කොවිඩ් මාත්‍රා මිලියනයක් චීනයෙන්...(වීඩියෝ)

සැප් 17, 2021
  • සිනොවැක් කොවිඩ් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ සවස මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා එම එන්නත් තොගය මෙරටට පරිත්‍යාග කරන බව, ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

    සිනොවැක්, ලොව මෙතෙක් වැඩියෙන්ම භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නතක් වේ. අගෝස්තු අවසාන වනවිට රටවල් 50කට පමණ එන්නත් මාත්‍රා බිලියන 1.8ක් සපයා තිබේ.

    Last modified on සිකුරාදා, 17 සැප්තැම්බර් 2021 20:21

    Latest News