ජාතික වෘත්තීය සුදුසුකම් පරීක්ෂණය නැවත පැවැත්වේ

අප්‍රේ 27, 2022

    ජාතික වෘත්තීය සුදුසුකම් දැනුම ඇගයීමේ පරීක්ෂණය ලබන 30 වන දා පැවැත්වීමට තීරණය කර තිබේ.

    තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පැවැත්වෙන මෙම විභාගය පසුගිය අප්‍රේල් 3 වන දින පැවැත්වීමට නියමිතව තිබිණි.

    ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානවල දී එළඹෙන සෙනසුරාදා පැවැත්වෙන බව තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. ඒ. ලිලිතධීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

    Latest News