මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයට

ඔක් 26, 2018
  • ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද සවස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
    නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ අවස්ථාවට මැති-ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.  එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වූ බව, එහි මහලේකම් මහින්ද අමරවීර මහතා අද සවස ප්‍රකාශ කළා. 
    රජයේ පාර්ශ්වයක් ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වන බව, කතානායකතුමාට දැනුම් දුන් බවයි, එහිදී මහින්ද අමරවීර මහතා කියා  සිටියා.
    එක්සත් ජනතා නිදහස් සන්ධානය මීට මඳ වේලාවකට පෙර නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් කෙරුණා.
    Last modified on සදුදා, 29 ඔක්තෝබර් 2018 13:57

    Latest News