ජනගහණයෙන් අඩකට වඩා එන්නත් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවත් (වීඩියෝ)

සැප් 14, 2021
  • ජනගහනයෙන් අඩකට වඩා එන්නත් කළ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්ව ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 

    අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

    ජනගහණයෙන් 50%කට අධික සංඛ්‍යාවක් දෙවැනි මාත්‍රාව එන්නත්කරණය කළ රාජ්‍යයක් ලෙස ලෝක සිතියමෙහි රාජ්‍යයන් ඉතාම අතලොස්ස අතරට එක්වීමට අප රටට හැකිවීම භාග්‍යයක් බවද, මෙම රාජ්‍ය පද්ධතිය තුළ කුඩා දූපත් රාජ්‍ය හැරුණු කොට ඉහළින් සිටිනුයේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය, මැලේසියාව වැනි රටවල් බවත් මින් බහුතරය ජී7 (G7) කලාපයට අයත් රටවල් වන අතර එයින් රටවල් 4ක්ම එන්නත් නිපදවන රටවල් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. 
    මෙම ජයග්‍රහණයේ දී සියල්ලෝම වීරයන් සහ කොටස්කරුවන් වන බවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අප්‍රමාණ කැපකිරීම් කළ පිරිස, ආරක්ෂක අංශ වල නිලධාරීන්, රාජ්‍ය නායකයන් මෙන්ම රැකියාවට නොගොස් නිවෙස්වල සිටි පුද්ගලයන් පවා මෙම ජයග්‍රහණයේ වීරයන් සහ කොටස්කරුවන් වන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා; මෙම එකමුතුකම තුළින්ම ඉදිරි සති කිහිපය සැවොම ගතකළහොත් ප්‍රශ්න මැනවින් කළමනාකරණය කරගත හැකි බව පැවසීය.
    Last modified on අඟහරුවාදා, 14 සැප්තැම්බර් 2021 16:20

    Latest News