පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ඉලක්ක ප්‍රකාශයට

සැප් 14, 2021

    පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ ප්‍රතිපත්තිමය ඉලක්ක ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

    ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පළ විය. සෞභාගයේ දැක්මට අනූව වසර 2030 වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීම රජයේ අපේක්ෂාවයි.

    වසර 2050 වන විට මෙරට විදුලි ජනනය සම්පූර්ණ කාබන්හරණ තත්වයට පත් කිරීම සැලසුමයි.

    ඒ සඳහා අවම පිරිවැය දිගුකාලීන ජනන සැලැස්ම ලංකා විදුලි බල මණ්ඩලය සකස් කළ යුතු වෙයි.

    එම සැලැස්ම සකස් කිරීමේ දී විදුලිබල අමාත්‍යවරයා පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ලංකා විදුලිබල මණ්ඩලයට නිකුත් කළ යුතුයි. ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය.

    Latest News