“සුවරක්ෂා” අත්වැල වැඩසටහන මගින් තවත් සත්කාරයක්

සැප් 14, 2021

    තරුණ එකමුතුවක් ලෙස දිවයින පුරා සමාජ සත්කාරක වැඩසටහන් රාශියක් මේ වන විටත් සිදු කර ඇති අත්වැල සංවිධානය විසින් ශාන්ත ජොන් ගිලන්රථ හමුදාවේ කොළඹ - ගම්පහ කොට්ඨාස හා එක්ව කාලීන අවශ්‍යතාවය අනුව ක්‍රියාත්මක කරනු ලබන “සුවරක්ෂා” අත්වැල වැඩසටහන යටතේ දිවයින පුරා පූජනීය ස්ථාන, පොදු ස්ථාන විෂබීජ හරණය කිරීම මේ වන විට ආරම්භ කර ඇත.

    ඒ යටතේ රත්මලාන පරමධම්ම චේතිය පිරවෙන, සිරි ප්‍රියරතනාරාමය, රත්මලාන පුරාණ විහාරය, මල්ලිකාරාම පුරාණ විහාරය ඇතුළු තවත් විහාරස්ථාන 08ක් සහ රත්මලාන ප්‍රදේශයේ නිවාස 200ක් විෂබීජහරණය, අතිගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මැතිතුමාගේ විශේෂ අධීක්ෂණය යටතේ සැප්තැම්බර් 12 වන ඉරිදා සිදු කෙරිණි.

    පෙර පාසැල්, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වීෂබීජහරණය අඛණ්ඩව සිදුකිරීමට “සුවරක්ෂා” අත්වැල තරුණ එකමුතුව අපේක්ෂා කරයි.

    Last modified on අඟහරුවාදා, 14 සැප්තැම්බර් 2021 16:15

    Latest News