අද කාලගුණය ගැන දැනුම්දීමක්

සැප් 14, 2021

    සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

    වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක අද (14) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් (40-50) පමණ දක්වා වැඩි විය හැකියි.

    Latest News