අද සිට නාඩු වී කිලෝවක් රු.55 කට මිලදී ගනී

සැප් 14, 2021

    අද (14) සිට නාඩු වී කිලෝවක් රුපියල් 55 බැගින් ගොවීන්ගෙන් මිල දී ගැනීමට රජය තීරණය කර තිබේ.

    සහල් සඳහා පාලන මිලක් ගැසට් කිරීමෙන් පසු ගොවීන්ගේ වී සඳහා ගෙවන මිල වැඩි කරන ලෙස ගොවීන් රජයෙන් කරන ලද ඉල්ලීමට අනූව මෙම තීරණය ගෙන ඇති බවයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ.

    ඒ අනූව ගොවි බිම්වලටම ගොස් වී මිලදී ගැනීමට තීරණය කර තිබේ.

    මීට පෙර නාඩු වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගනු ලැබුවේ රුපියල් 50කටයි.

    Last modified on අඟහරුවාදා, 14 සැප්තැම්බර් 2021 10:18

    Latest News