බස්නාහිර පළාතේ සහ ගාල්ලේ 20ත්-29ත් අතර අයට එන්නත් ලබාදීම අද (06)

සැප් 06, 2021

    කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20ත්, 29ත් අතර තරුණ පිරිස් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (06) ආරම්භ කරන බව, පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.


    මෙම දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කෙරෙන ස්ථානවලදීම එන්නත් ලබාදීම සිදු කරන බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

    Latest News