ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

සැප් 06, 2021

    මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර සංගීතඥයකු වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    කෝවිඩ් 19 වෛරසය ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක සති තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ සුනිල් පෙරේරා මහතා ඉන් සුවය ලබා නිවසට පැමිණියේ මීට දින කිහිපයකට පෙරයි.

    කෙසේ වෙතත් පසුව නැවතත් ඔහුගේ පෙණහලුවල මතු වූ යම්කිසි අසාත්මිකතාවක් හේතුවෙන් සුනිල් පෙරේරා නැවත රෝහල් ගත කර ඇති අතර අසනීප තත්ත්වය උග්‍රවීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

    එම අසනීප තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් සුනිල් පෙරේරා මහතා අද අලුයම් කාලයේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තාවේ.

    Latest News