ආදායම අහිමි වූවන් ලබාදුන් දීමනාව, කොවිඩ් අරමුදලට පරිත්‍යාග කෙරේ

සැප් 02, 2021

    නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් දෛනික ආදායම අහිමි වූ පිරිසට රජය මගින් ලබාදුන් රුපියල් 2000/- දීමනාව ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කිරීමේ සිදුවීමක් අනුරාධපුර, තලාව, අරුණපුර ග්‍රාමයෙන් වාර්තා වෙයි.


    අනුරාධපුර, තලාව, නව හඟුරන්කෙත කොට්ඨාසයේ, අරුණපුර ග්‍රාමයේ පවුල් 25ක් රුපියල් 2,000 දීමනාවට හිමිකම් ලැබූහ.
    ඔවුන් ලබාගත් රුපියල් 2,000 දිමනාව රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන නැවත එම මුදලම කොවිඩ් අරමුදලට බැර කරන ලෙස ඔවුන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.


    ඒ අනුව, අරුණපුර ග්‍රාමයේ තවත් පිරිසකගේ මුදල් පරිත්‍යගයන් ද සමග රුපියල් 87,000ක මුදලක් ඉටුකම COVID – 19 සෞඛ්ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කළ බව තලාව ප්‍රාදේශීය ලේකම් අනුරාධ දිසානායක මහතා පවසයි.

    Latest News