වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් මිලියන 10ක පරිත්‍යාගයක්

අප්‍රේ 21, 2020

    ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය,කෝවිඩ් 19 අරමුදලට රුපියල් මිලියන 10ක මුදලක් අද (21) පරිත්‍යාග කළේය.

    කොළඹ 07, විජේරාම නිල නිවසේ දී සංගමයේ නිලධාරීන් විසින් රුපියල් මිලයන 10ක චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීම සිදු කෙරිණ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස්, ලේකම් අරෝෂ රොද්‍රිගෝ, භාණ්ඩාගාරික ප්‍රසාද් ප්‍රියංග හා සංගමයේ හිටපු සභාපතිවරුන් වන යෝගා පෙරේරා සහ දිනේෂ් සේනානායක යන මහත්වරු එක්විය.

    VEhical 900px 20 04 21

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 14:49

    Latest News