අද දිනට වාර්තා වූ කොවිඩ් මරණ ගණන 216ක්

අගෝ 30, 2021

    කොවිඩ් මරණ 216ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    එම මරණ ඊයේ (29) දින තහවුරු කර ඇත.
    එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

    ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 216න් 101 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 115දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

    මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 170 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

    එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 41 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.

    මෙම මරණ 216ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,991ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

    Latest News